ජීවිතය
කියලා කියන්නේ දිග ගමනක්.. ඒ ගමන යන අතර තුර අපිට එක එක විදියේ බාධක, කරදර, ගල්
පහරවල්, නින්දා
අපහාස වගේම අගයකිරීම්, ප්‍රශංසා
වලටත් මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ හැම දුකක් සතුටක්ම අවබෝධයෙන් දරාගෙන තමන්ගේ ගමන
යන්න පුළුවන් නම් තමයි නියම ජයග්‍රහණය..මතක තියාගන්න ඕන වැදගත්ම දේ මේ කිසිම දෙයක්
ස්ථිර නැහැ කියන එක..
අපි
හැමෝගෙම ජිවිත වලට ආව ගිය අඳුරු කාලවල් අනන්තවත් ඇති..ඒ අඳුරු මතක අපේ හිත් වල
ඉතුරු කරගන්න ඕන.. ඒ ජීවිතයට පාර කියන්න විතරයි..උදා වෙන වසන්තය කාටවත් අතින්
අල්ලලා නතර කරන්නත් බැහැ..දුක වගේම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටකුත් අපේ
ජිවිත වල තියනවා කියලා එදාට තේරෙයි..
ඉරක්
පායනවා සත්තයි..එතකල් විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙන්න..අවබෝධයෙන් ඉන්න..
-කඩුවි-
-කඩුවි-