Showing posts with label කලා රස. Show all posts
Showing posts with label කලා රස. Show all posts

Wednesday, 24 July 2019

“රැස් විහිදෙන සමනලියකගෙන්” ගීතය තුළින් නිරූපිත ජනප්‍රිය සංස්කෘතිය



“රැස් විහිදෙන සමනලියකගෙන්” ගීතය තුළින් නිරූපිත ජනප්‍රිය සංස්කෘතිය




“රැස් විහිදෙන සමනලියකගෙන් ඉඟියක් ලැබුනාම..
රැකගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම..

සියැසින් දුටු සිහිනයකින් රහසක් ගෙන එන්නම්..
හැබැහින් විඳගන්න..
රහසින් ගෑ මුදු සුවඳින් හුස්මක් පුරවන්නම්
ළමැදේ බිහි වන්න..

සුසුමින් හුන්මිටි තබමින් තනියෙන් ඉන්නවනම්
ඉන්නම් දුක ගන්න..
ගලනා දා බිඳු පිසිමින් වත්සුණු තවරන්නම්
ඉරණම පෙරලන්න..”



BnS කණ්ඩායම 2007 වසරේදී නිර්මාණය කළ ගීතයක් වන මෙම ගීතය එම වසරේ ආදරවන්තයින්ගේ දිනය නිමිති කොටගෙන එළිදැක්විය. භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්ගේ එතෙක් බිහිව තිබූ ගීත වලට සාපේක්ෂව සංකල්පීයමය සහ තාක්ෂණිකමය වශයෙන් වෙනස්කම් දැක්වූ ගීතයක් ලෙස දැක්විය හැක.

2007 වසරේ ශ්‍රී ලාංකීය ගීත කලාව තුළ නව මානයක් සනිටුහන් කළ මෙම ගීතය තුලින් ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ බොහොමයක් සමාජගත කිරීමට සමත්විය. එමෙන්ම මෙම ගීතයේ අන්තර්ගතය පරික්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ ඒ තුළ ජනප්‍රිය සංස්කෘතිමය ලක්ෂණ බොහොමයක් නිරූපණය වන බවයි. ගීතයේ පද අරුත් සමඟ සැසඳීමේදී අපූරු රූප රචනාමය උපක්‍රමයක් අනුගමනය කොට තිබේ.

Wednesday, 17 July 2019

විමුක්ති ජයසුන්දරගේ සිනමා භාවිතය "සුළඟ ගිනි අරන්" චිත්‍රපටයට විශේෂිතව



විමුක්ති ජයසුන්දරගේ සිනමා භාවිතය "සුළඟ ගිනි අරන්" චිත්‍රපටයට විශේෂිතව



ලාංකේය සිනමාවට රැඩිකල් අනන්‍යතාවයක් හා දාර්ශනික කතිකාවන් නිර්මාණය කිරීම සඳහා විශාල අවකාශයක් විවර කරදුන් සිනමාකරුවෙකු ලෙස විමුක්ති ජයසුන්දර හඳුන්වාදිය හැකිය. මෙරට සිනමාකරුවෙකු විසින් ජාත්‍යන්තරව හිමිකරගත් ඉහළම සිනමා සම්මානය ලෙසින් හැඳින්විය හැකි ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ “කැමරාදෝ සිනමා සම්මානය” ඔහුගේ “සුළඟ එනු පිණිස” චිත්‍රපටය හිමිකරගත් අතර 2005 වසරේ නිර්මාණය වූ එය විමුක්තිගේ ප්‍රථම සිනමාපටය වීම විශේෂත්වයයි. ඉන් අනතුරුව ඔහු විසින් “අහසින් වැටෙයි” සිනාමාපටය 2009 වසරේදී නිර්මාණය කෙරීය. 2011 දී “චත්‍රක් හෙවත් හතු” සිනමාපටය නිර්මාණය කළ අතර ප්‍රථම වරට කාන් චිත්‍රපට උළෙලේ ඉන්දියාව නියෝජනය කළ චිත්‍රපටය වුයේද මෙයයි. විමුක්තිගේ සිව්වැනි සිනමා නිර්මාණය වූයේ “සුළඟ ගිනි අරන්” සිනමාපටයයි.

සුළඟ චලනයක් නම් ඒ තුළින් පවතින පරිසරය හෝ පවතින තත්ත්වයන් වෙනස් කළ හැකිය. ඒ අරුතින් සුළඟක් නොමැති බිමකට සුළඟක් පැමිණිය යුතුයැයි අදහසින් “සුළඟ එනු පිණිස” නම යොදාගත් බව විමුක්තිගේ අදහසයි. යුද්ධයේ සෙවනැලි ජීවිතයේ ලොකු කුඩා සෑම පෙදෙසක් පුරාම පැතිරෙන ආකාරයත්, යුධ සෙබළුන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් සිය පැවැත්ම උදෙසාත් අවශ්‍යතාවයන් උදෙසාත් ක්‍රියාත්මක වීම ඔවුන් පිළිබඳව සමාජය තුළ ගොඩනැංවී ඇති සම්ප්‍රදායික දෘෂ්ටිකෝණයට පටහැනි වියහැකි බව ඉඟි කෙරෙන සිනමා පටයක් ලෙසින් 2005 වසරේදී නිර්මාණය වූ “සුළඟ එනු පිණිස” හඳුන්වාදිය හැකිය. ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබුවද යුද්ධය පිළිබඳව අධ්‍යක්ෂවරයා තුළ වූ දෘෂ්ටිය පටු සීමාවක වූ බවට මෙරට බහුතර විචාරකයන්ගේ අදහසයි.


Wednesday, 10 April 2019

නූතන මිනිසා සොයා යන ගවේෂණාත්මක රංගනය


නූතන මිනිසා සොයා යන ගවේෂණාත්මක රංගනය

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ මහා සිහිනය “මහාසුපින”




මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙන් පසුව ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් නාට්‍ය කලාවේ නූතන හැරවුම් ලක්ෂය සනිටුහන් කළේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ය. ඒ එතුමන්ගේ ප්‍රථම වේදිකා නාට්‍ය වූ “මහසමයම” හරහායි. අන්තර් සංස්කෘතික නිර්මාණ ප්‍රවේශයක් ඔස්සේ දිගහැරුණු මහසමයම දීර්ඝකාලීන පර්යේෂණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. වසර හතරක නිහැඬියාවකින් පසුව ඇතුගලයන් නැවත වරක් ශ්‍රී ලාංකීය වේදිකාවට නව අත්දැකීමක් මුදාහරින්නේ සම්මත නාට්‍ය ආකෘතිය පුපුරුවා හරිමිනි. ඒ එතුමන්ගේ දෙවන වේදිකාගමනය “මහා සුපින” හරහායි. මේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් සියපතට එතුමාගේ අදහස් දැක්වූ ආකාරයයි.