විමුක්ති ජයසුන්දරගේ සිනමා භාවිතය "සුළඟ ගිනි අරන්" චිත්‍රපටයට විශේෂිතව
ලාංකේය සිනමාවට රැඩිකල් අනන්‍යතාවයක් හා දාර්ශනික
කතිකාවන් නිර්මාණය කිරීම සඳහා විශාල අවකාශයක් විවර කරදුන් සිනමාකරුවෙකු ලෙස
විමුක්ති ජයසුන්දර හඳුන්වාදිය හැකිය. මෙරට සිනමාකරුවෙකු විසින් ජාත්‍යන්තරව
හිමිකරගත් ඉහළම සිනමා සම්මානය ලෙසින් හැඳින්විය හැකි ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ
“කැමරාදෝ සිනමා සම්මානය” ඔහුගේ “සුළඟ එනු පිණිස” චිත්‍රපටය හිමිකරගත් අතර 2005
වසරේ නිර්මාණය වූ එය විමුක්තිගේ ප්‍රථම සිනමාපටය වීම විශේෂත්වයයි. ඉන් අනතුරුව ඔහු
විසින් “අහසින් වැටෙයි” සිනාමාපටය 2009 වසරේදී නිර්මාණය කෙරීය. 2011 දී “චත්‍රක් හෙවත් හතු” සිනමාපටය නිර්මාණය කළ අතර ප්‍රථම
වරට කාන් චිත්‍රපට උළෙලේ ඉන්දියාව නියෝජනය කළ චිත්‍රපටය වුයේද මෙයයි. විමුක්තිගේ සිව්වැනි
සිනමා නිර්මාණය වූයේ “සුළඟ ගිනි අරන්” සිනමාපටයයි.
සුළඟ චලනයක් නම් ඒ තුළින් පවතින පරිසරය හෝ
පවතින තත්ත්වයන් වෙනස් කළ හැකිය. ඒ අරුතින් සුළඟක් නොමැති බිමකට සුළඟක් පැමිණිය
යුතුයැයි අදහසින් “සුළඟ එනු පිණිස” නම යොදාගත් බව විමුක්තිගේ අදහසයි. යුද්ධයේ
සෙවනැලි ජීවිතයේ ලොකු කුඩා සෑම පෙදෙසක් පුරාම පැතිරෙන ආකාරයත්, යුධ සෙබළුන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් සිය පැවැත්ම උදෙසාත් අවශ්‍යතාවයන්
උදෙසාත් ක්‍රියාත්මක වීම ඔවුන් පිළිබඳව සමාජය තුළ ගොඩනැංවී ඇති සම්ප්‍රදායික
දෘෂ්ටිකෝණයට පටහැනි වියහැකි බව ඉඟි කෙරෙන සිනමා පටයක් ලෙසින් 2005 වසරේදී නිර්මාණය
වූ “සුළඟ එනු පිණිස” හඳුන්වාදිය හැකිය. ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබුවද
යුද්ධය පිළිබඳව අධ්‍යක්ෂවරයා තුළ වූ දෘෂ්ටිය පටු සීමාවක වූ බවට මෙරට බහුතර
විචාරකයන්ගේ අදහසයි.