Showing posts with label සමාජ. Show all posts
Showing posts with label සමාජ. Show all posts

Wednesday, 29 May 2019

නිදහසේ යන්න - වදයක් නොවන්න


නිදහසේ යන්න - වදයක් නොවන්න




සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් කාලයක් පුරා ලේබලයක් අලවාගෙන සිටින ශ්‍රී ලංකාව තුළ දෛනික ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරාගැනීම පිණිස භාවිතයට ගැනෙන ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය ලෙස පොදු ප්‍රවාහන සේවය හඳුන්වා දියහැකිය. එහිදී බස් රථ සහ දුම්රිය සේවාවන් විශේෂ වේ. පර්යේෂණ මඟින් තහවුරු කොට ඇත්තේ පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රීන් පොදු ප්‍රවාහන සේවා භාවිතය පිණිස වැඩි අවකාශයක් සහිත බවයි. ගෘහ ජිවිතයේ වැඩි වගකීම් ප්‍රමාණයක් සහිත කාන්තාවන් වඩාත් ලාබදායි ප්‍රවාහන උපක්‍රමයක් ලෙස භාවිතයට ගැනෙන පොදු ප්‍රවාහන සේවා තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවි අසමානතාවක් නිරූපණය කරණ ප්‍රධාන අවස්ථාවක් ලෙසත් ප්‍රකාශ කළ හැක. එය ස්ත්‍රීයගේ සමාජ ජීවිතය තවදුරටත් හකුළුවාලීමකි. මෙය ලංකාවට පමණක්ම පොදු ධර්මතාවයක් නොවන අතර ලොව පුරා දැකිය හැකි ප්‍රවණතාවයකි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) ව්‍යවස්ථාවට අනුව කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය. කිසියම් පුද්ගලයෙකුට මානසිකව හෝ ශාරීරිකව කරන හිංසනයක් ඒ අනුව වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය කිරීමක් සේ දැක්විය හැකිය. එම ශාරීරික හෝ මානසික හිංසනය ලිංගිකමය වශයෙන් සිදුවන හිංසනයක් වියහැක. 1995 අංක 22 දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටසට අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම හිංසනය ලිංගික ස්වරූපයෙන් කෙරෙන පහරදීම්, සාපරාදී බලය යෙදවීම් මෙන්ම හිංසනයට ලක්වන පුද්ගලයා කුපිත කිරීමට හේතුවන වචන හෝ ක්‍රියාවන් ලෙස දැක්විය හැකිය. පොදු ප්‍රවාහන මාධ්‍යන් භාවිතයට ගන්නා පුරුෂයන් ස්ත්‍රීන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් හැසිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව හෝ පොදු ප්‍රවාහන මාධ්‍යන් භාවිතයට ගන්නා ස්ත්‍රීන් තමා විඳිනා පිළිකුල් අත්දැකීම ප්‍රතික්ෂේප කිරීමට හා එයට විරෝධය දැක්වීම බියට පත්විය යුතු කරුණක් නොවන බව සිතන්නේ කලාතුරකිනි.

Thursday, 20 September 2018

කසළ අකුසලයට යටපත් නොවන්නට


කසළ අකුසලයට යටපත් නොවන්නට







සංවර්ධනය යනුවෙන් බරසාර වාද විවාද රැසකි. ඇතැමුන් සිතන්නේ සංවර්ධනය යනු සුවිශාල ගොඩනැගිලිමහා මාර්ග විශාල පාලම් ආදී වූ භෞතිකත්වයකි. නමුත් අත්‍යාවශ්‍යයෙන්ම ප්‍රකාශ කළ යුත්තේ සංවර්ධනය භෞතිකව මෙන්ම ආකල්පයන්ගේද සමාන්තරව සිදුවියයුතු බවයි.

ශ්‍රී ලංකාව වැනි රටක් තුළ බොහෝ දෑ මහා විශාල ගැටළුන්ය. නමුත් අප විසඳුම් කරා යා යුත්තේ සරල බැවින් සංකිර්ණත්වය කරාය. 2017 වසරේ අලුත් අවුරුදු සිරිය වසා ගත්තේ කුණු කන්දකි. නමුත් දැන් අප සියල්ලන්ටම එය අමතකය. යන්තමින් හෝ මතකයක් වුවද කතා කිරීමට ඊටත් එහා බරසාර මාතෘකා රැසකි. මා යෝජනා කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වෙනසක් පිළිබඳවය.