Showing posts with label ජනසන්නිවේදන. Show all posts
Showing posts with label ජනසන්නිවේදන. Show all posts

Saturday, 26 October 2019



ගවේෂණාත්මක වාර්තාකරණය






ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීමයි. “හෙළිදරව් සාහිත්‍යය” වශයෙන් ද හඳුන්වයි. ප්‍රවෘත්තියක් යනු මතුපිට සිදුවීමකි. එහිදී ඇසින් දකින, කනින් ඇසෙන දෙයක් පිළිබඳ අවධානය යොමුකරයි. සාමාන්‍ය පුවත් වාර්තාකරණයකදී
  • What - කුමක්ද
  • When - කවදාද?
  • Where - කොහෙද?
  • Who - කොහොමද?
  • Why - කුමකටද?
  • How - කෙසේද?

යන්න පිලිබඳව අවධානය සමව යොමු කරනු ලබන අතර ගවේශනාත්මක වාර්තාකරණයේ දී මූලික අවධානය යොමු කරනු ලබන්නේ “How” නැතහොත් “කෙසේද” යන්න පිළිබඳවයි.

Sunday, 25 August 2019




මාධ්‍ය පර්යේෂණ




ඉංග්‍රීසී භාෂාවෙන් “Research” යනුවෙන් හැඳින්වෙන “පර්යේෂණ” හී “Re” යන්නෙන් “නැවත” යන අදහසත් “Search” යන්නෙන් “පරික්ෂා කිරීම” යන අදහසත් ගම්‍ය වේ. ඒ අනුව “Research” නැතහොත් “පර්යේෂණ” යන්නෙහී වචන අර්ථය වන්නේ නැවත පරික්ෂා කිරීම යන්නයි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ප්‍රකාශ කරන්නේ “අභිමත මාතෘකාවක් හෝ විෂය පථයක් තෝරාගෙන, ඊට අදාළ දත්ත ඒකරාශී කොටගෙන, ඒවා විශ්ලේෂණය කොට, නිගමන සහ නිරීක්ෂණ සහේතුකව පහදාදීම පර්යේෂණයක ප්‍රධාන අරමුණ වේ” යනුවෙනි. Best සහ Khan පෙන්වා දෙන්නේ “වඩාත් විධිමත් වූත්, ක්‍රමානුකූල වූත්, පරිශ්‍රමයකින් කරනු ලබන්නා වූත්, විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇසුරෙන් විශ්ලේෂණයට භාජනය වන්නාවූත්, ක්‍රියාවලියක් ලෙස පර්යේෂණ කාර්යය සැලකිය හැකිය” යන්නයි. ඒ අනුව පර්යේෂණයක ප්‍රධාන අරමුණ සහ පර්යේෂණ කාර්යය පිලිබඳ පැහැදිලිය.


Wednesday, 24 July 2019

මහජන සම්බන්ධතා ඉතිහාසය


මහජන සම්බන්ධතා ඉතිහාසය


වර්තමානයේ සෑම ක්ෂේත්‍රයක් තුළම ප්‍රමුඛ අවධානයක් යොමුවන කරුණක් ලෙස  “මහජන සම්බන්ධතා” හැඳින්විය හැක. මහජන සම්බන්ධතා පිලිබඳ අවධානය යොමු කිරීමේදී එයට ඉතිහාසයක් නැති බවට මතයකි. එසේ ප්‍රකාශ කරන්නන් තර්ක කරන්නේ මහජන සම්බන්ධතා නවීන කාර්මික සමාජය තුළ හැදී වැඩුණු බවයි. නමුත් මානව සමාජයේ අතීත යුගවල පවා දියුණු ශිෂ්ඨාචාර පැවතියෙන් මහජන සම්බන්ධතා ඉතිහාසය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක අවධීන් තෙක් දිවයන බව කිව හැක.

ඕනෑම විෂයක ඉතිහාසය හැදෑරීම එහි වර්තමාන ස්වරූපය වර්ධනය පිණිස හේතු වේ. නමුත් විෂයක් ලෙසින් වර්තමානයේ අධ්‍යයනය පිණිස අවධානය යොමුව ඇති මහජන සම්බන්ධතා ඉතිහාසය පිලිබඳ අතීත පරීක්ෂාවක් සිදු වී නොමැති තරම්ය.