Showing posts with label ආදරයට. Show all posts
Showing posts with label ආදරයට. Show all posts

Friday, 2 August 2019

වසත් කල..




ජීවිතය කියලා කියන්නේ දිග ගමනක්.. ඒ ගමන යන අතර තුර අපිට එක එක විදියේ බාධක, කරදර, ගල් පහරවල්, නින්දා අපහාස වගේම අගයකිරීම්, ප්‍රශංසා වලටත් මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ හැම දුකක් සතුටක්ම අවබෝධයෙන් දරාගෙන තමන්ගේ ගමන යන්න පුළුවන් නම් තමයි නියම ජයග්‍රහණය..මතක තියාගන්න ඕන වැදගත්ම දේ මේ කිසිම දෙයක් ස්ථිර නැහැ කියන එක..

අපි හැමෝගෙම ජිවිත වලට ආව ගිය අඳුරු කාලවල් අනන්තවත් ඇති..ඒ අඳුරු මතක අපේ හිත් වල ඉතුරු කරගන්න ඕන.. ඒ ජීවිතයට පාර කියන්න විතරයි..උදා වෙන වසන්තය කාටවත් අතින් අල්ලලා නතර කරන්නත් බැහැ..දුක වගේම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටකුත් අපේ ජිවිත වල තියනවා කියලා එදාට තේරෙයි..


ඉරක් පායනවා සත්තයි..එතකල් විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙන්න..අවබෝධයෙන් ඉන්න..

-කඩුවි-


Saturday, 3 March 2018

ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ.. වෙනස් වෙන්නේ මිනිස්සු..

ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ..
වෙනස් වෙන්නේ මිනිස්සු..


අද මම කියන්න යන්නේ  ටිකක් අමුතු විදියේ කතාවක්. මේ ලෝකයේ ආදරය කියන්නේ  මොකක්ද කියලා හරියට හඳුනගන්න උත්සහ දරන බොහොමයක් දෙනෙක් තමන්ගේ  ජිවිතය තුළ යථාර්තයක් කරගන්න දෙයක්..

කොයි වෙලාවේ කා ගැන, කොහොම ආදරයක් ඇති වෙනවද කියන එක සම්බන්ධයෙන් නම්  පූර්ව නිගමන දෙන්න අමාරුයි. මෙතන  මම ස්ත්‍රියක් හා පුරුෂයෙක්  අතර ඇති වන බැඳීම සිමාකාරී සාධකය විදියට ගන්නවා. සමහරවිට ඔයා බොහොම  අවංකව එයාට ආදරය කළත් එයා ඒක දැනගෙන හිටියා උනත් එයා ඔයාට නිසි ගෞරවය දීලා නැති වෙන්න පුළුවන්. ඒ සමහරවිට අවංකවම අසරණකමට වෙන්න පුළුවන්.. එහෙමත් නැත්නම්  ඔයා ගැන එයාට කිසිම වටිනාකමක්, හැඟීමක් නැති නිසා වෙන්නත් පුළුවන්.