මහජන
සම්බන්ධතා ඉතිහාසය
වර්තමානයේ
සෑම ක්ෂේත්‍රයක් තුළම ප්‍රමුඛ අවධානයක් යොමුවන කරුණක් ලෙස “මහජන සම්බන්ධතා” හැඳින්විය හැක. මහජන සම්බන්ධතා
පිලිබඳ අවධානය යොමු කිරීමේදී එයට ඉතිහාසයක් නැති බවට මතයකි. එසේ ප්‍රකාශ කරන්නන් තර්ක
කරන්නේ මහජන සම්බන්ධතා නවීන කාර්මික සමාජය තුළ හැදී වැඩුණු බවයි. නමුත් මානව
සමාජයේ අතීත යුගවල පවා දියුණු ශිෂ්ඨාචාර පැවතියෙන් මහජන සම්බන්ධතා ඉතිහාසය මානව
ශිෂ්ඨාචාරයේ ආරම්භක අවධීන් තෙක් දිවයන බව කිව හැක.
ඕනෑම
විෂයක ඉතිහාසය හැදෑරීම එහි වර්තමාන ස්වරූපය වර්ධනය පිණිස හේතු වේ. නමුත් විෂයක්
ලෙසින් වර්තමානයේ අධ්‍යයනය පිණිස අවධානය යොමුව ඇති මහජන සම්බන්ධතා ඉතිහාසය පිලිබඳ
අතීත පරීක්ෂාවක් සිදු වී නොමැති තරම්ය.
මහජන
සම්බන්ධතා ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය තෙක් විහිදී යයි. ප්‍රාථමික මානවයාගේ
මූලික අවශ්‍යතා ත්‍රිත්වයේ ආහාර ප්‍රධාන විය. ඒ සඳහා දඩයම ඔවුන්ගේ ක්‍රමෝපාය විය. දඩයම්
යුගයේදී ශරීර ශක්තියෙන් යුතු තරුණයන්ට දඩයම් සාර්ථක කරගැනීම පිණිස අත්දැකීම් බහුල
වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලැබිණි. තරුණයන් සහ මහල්ලන් අතර වූ සම්බන්ධය ඒ අනුව වඩාත්
ශක්තිමත්ව ගොඩනැගිණි. මානව සමාජය ක්‍රමිකව විකාශනය වීමත් සමඟින් ගෝත්‍රික සමාජය
තුළ නායකත්වයක් ගොඩනැගිණි. නායකත්වය සඳහා මූලික සුදුසුකම වූයේ කායික ශක්තියයි.
බුද්ධිමත්භාවය පිළිබඳ සැලකීමක් නොවූ අතර සියල්ල පරයා ශරීර ශක්තියෙන් නැගී සිටිය හැකි
පුද්ගලයා නායකත්වයට පත්විය. සමාජය තුළ ජිවත් වූ සෙස්සන් නායකයාගේ සියළු තීරණ ඉවසා
සිටිය යුතුය. නායකත්වයට අවනත නොවන නායකයාගේ අණට පටහැනි සියල්ලන්ට උරුම වූයේ මරණ
දණ්ඩනයයි. එකල්හී නායකයන් සිතුවේ විරෝධාකල්ප නොමැතිතාක් කිසිඳු ගැටළුවකින් තොරව
පාලන කටයුතු මෙහෙයවිය හැකි බවයි. බර්ටඩ් රසල් විසින් රචනා කළ “Wisdom of the
west” නම් කෘතියේ මේ පිලිබඳ වඩාත් විස්තර කොට තිබෙන අතර ප්‍රාථමික සමාජයන් හී
ද්විමාර්ගික සන්නිවේදනයට වඩා ඒකමාර්ගික සන්නිවේදනයක් පැවති බව ඒ අනුව පැහැදිලි වී
තිබේ.
නොදියුණු
ගෝත්‍රික මානවයා සමාජ විකාශනයත් සමඟ පරිණාමයට ලක් විය. වෙනස් මත දරන්නන් විනාශ
කිරීම අසාධාරණ ක්‍රියාවක් බව නායකයන් අවබෝධ කරගන්නට විය. එහෙයින් තමන්ගේ යටත්
වැසියන් ස්ව මතයට හරවා ගැනීම පිණිස වෙනස් ක්‍රමවේදයන් අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය
බව ඔවුන් අවබෝධ කරගන්නට විය. පරිපාලන උපක්‍රම අනුගමනය කිරීම පිණිස නායකයන්ගේ අවධානය
යොමුවන්නේ ඒ අනුවයි. මහජන සම්බන්ධතා නිලධාරියෙකුගේ කාර්යභාරය ප්‍රකට කළ මුල්ම
කණ්ඩායමක් බිහිවන්නේ මේ පසුබිම තුළය. ඒ අනුව “Talking Chief” නැතහොත් “තෝල්ක”
නමින් තනතුරක් නිර්මාණය වී තිබිණි. අතීත රාජාණ්ඩු හී පාලකයා සහ පාලිතයා සෘජුව
එකිනෙකා හා සම්බන්ධ වූයේ නොවේ. ඔවුන් අතර සෘජු සංවාද නොවිය. පාලකයා සතු අසීමිත
බලතල හේතුවෙන් පාලිතයා පාලකයා වෙත ගියේද නැත. බිය සහ ගෞරවය පදනම් කොටගෙන එසේ
සිදුවූවද පාලකයා පනවන අණ පිළිපැදීම භාවිත පක්ෂයේදී එලෙසින්ම සිදුනොවන බව පාලකයන්
අවබෝධ කරගන්නට විය. “Talking Chief” විශේෂ නිලධාරියෙකු ලෙස පත්කිරීම සිදුවන්නේ මේ
අනුවයි.
·
පාලක මතය
මහජනයා වෙත ගෙනයාමට
·
මහජන මතය පිලිබඳ පාලකයා දැනගැනීමට
·
පාලකයාට අවශ්‍යය
ව්‍යවහාරික උපදෙස් ලබා ගැනීමට
තෝල්ක භූමිකාව
භාවිතයට ගැනිණි. මානව සමාජය දියුණුවට පත්වත්ම තෝල්ක භූමිකාව පාලකයා හා පාලිතයා අතර
සබඳතාව ඇති කිරීම පිණිස ප්‍රමාණවත් නොවිය. එහි පැවති විවිධ අඩුලුහුඬුකම් නිසා
විවේචන ද එල්ල විය. මහජන සම්බන්ධතා ක්‍රියාදාමය සමාජය තුළ අනිවාර්ය අංගයක් වූයෙන්
වඩාත් විද්‍යාත්මක පදනමකින් යුතු මහජන සම්බන්ධතා නිලධාරියෙකුගේ අවශ්‍යතාවය
පැනනැගිණි.
පැරණි
මිසර සමාජය ආශ්‍රිතව බිහිවූ මහජන සම්බන්ධතා නිලධාරියෙකුට සමාන ස්වරූපයක් සහිත
නිලධාරියෙකු හමුවන්නේ මේ සමඟිනි. මිසරයේ පාලකවරු වූ පාරාවෝ රජවරු
·
ජනතාව වෙත පාලකයාගේ
මතය හා පණිවිඩ ඉදිරිපත් කිරීමට
·
ජනතා මතය
පාලකයා වෙත ගෙනයෑමට
·
රජුගේ අණපනත්
පිටපත් කිරීමටත්
“Saribe”
නැතහොත් “සරිබ්” නම් පූජකවරු පිරිසක් පත්කරගනු ලැබිය.
මෙම සරිබ්වරු ලේඛන කලාවේ අති දක්ෂ පිරිසක් වූ අතර ජනප්‍රසාදයට පත්ව සිට තිබේ.
මහජනතාව හා සම්බන්ධ දූත පිරිසක් වශයෙන් ඔවුන් භාවිතා කළ න්‍යායකි.
“So
was it said - මහා වාසල විසින් මෙසේ වදාරණ ලදී.
So was
it written - එය ඒ අයුරින්ම ලේඛන ගත කරන ලදී.
So
shall it done - එය ඒ අයුරින්ම ක්‍රියාත්මක විය යුතුය.”
මෙම න්‍යාය
විශ්ලේෂනය කිරීමේදී පෙනී යන්නේ ද්විමාර්ගික සන්නිවේදනයක් මෙහි සිදුවී නොමැති බවයි.
පාලක අදහස් මහජනතාව වෙත ගෙනගියා මිස ජනමතය පාලකයා වෙත ගෙනයෑමක් මෙමඟින්
සිදුනොවිණි. එහෙයින් පරිපුර්ණ මහජන සම්බන්ධතා ක්‍රියාවලියක් සිදුවූ බව කිව නොහැක. බර්නීස්
ප්‍රකාශ කරන්නේ සරිබ්වරු
- මහජන සම්බන්ධතා කාර්යයේ අති දක්ෂයෝ විය.
- ඔවුන් මහජන මතය සංවිධානය කෙරීය.
- මහජනයා රාජ පාක්ෂික කරගැනීමට සමත්විය.
- රජයේ නීති රීතී සඳහා ජනතාව පොළඹවා ගැනීමට සමත්විය.
යන්නයි.
පාරාවෝවරු අපේක්ෂිත ප්‍රථිපල අත්පත් කරගත්තද සරිබ් පුජකවරු මෘදු බවින් යුතුවිය. එහෙයින්
ඔවුන්ගේ මහජන සම්බන්ධතා ක්‍රියාවලිය වැඩි වාසි ගෙනදුන්නද නියම මහජන සම්බන්ධතා ක්‍රියාවලියක්
සිදු වූ බවක් නොපෙනේ. පුරාණ මිසර සංස්කෘතිය තුළ යම් ආකාරයක ප්‍රගතිශීලි ක්‍රමවේදයක්
දැකගැනීමට හැකි වූවද ආදී මිසර සංස්කෘතිය තුළ යම් ආකාරයක ජනතාව මත පැටවූ තාඩන පීඩන
මෙන්ම අකටයුතුකම් පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. මහජන සම්බන්ධතා ක්‍රියාවලියේ
මූලික ලක්ෂණ මෙම සම්බන්ධතාවය තුළ ද ගිලිහී පැවති බව පැහැදිලිය.
මහජන
සම්බන්ධතා නිලධාරී ස්වරූපය ගත් තවත් පූජක කණ්ඩායමක් පුරාණ ඊශ්‍රායලය ආශ්‍රිතව
දැකගත් හැකිවිය. ඒ ඊශ්‍රායල පාලකවරු තම ජනතාව සහ පාලක පක්ෂය අතර සබඳතාවය වර්ධනය
කිරීම පිණිස භාවිතයට ගත් “Prophets” නම් කණ්ඩායමයි. “Media” නම් සඟරාවට
ලිපියක් ලියමින් Martine Tailor” ප්‍රකාශ කළේ ඵලදායි ලෙස පාලක සහ පාලිත දෙපාර්ශවය
අතර සබඳතාව ඇති කරවීම සඳහා මෙම “Prophets” වරු ක්‍රියාත්මක වූ බවයි. මොවුන් පාරාවෝ
පෙළපත හා සම්බන්ධව සිටි “saribe” වරුන්ට සාපේක්ෂව මහජන සම්බන්ධතා ක්‍රියාවලියේ ප්‍රවීණයෝ
වූ බව කියැවේ. මේ අනුව ප්‍රකාශ කළ හැක්කේ මහජන සම්බන්ධතා ක්‍රියාවලිය සඳහා
පුජකවරු සම්බන්ධ කරගැනීම එය තරමක් පහසු ක්‍රියාදාමයක් වූ බවයි.
මුල්ම
මහජන සම්බන්ධතා නිලධාරින් පිලිබඳ ඓතිහාසික කරුණු අනාවරණය වූයේත් “Media” සඟරාවෙනි.
1641 දී හාවඩ් කොලිජියේ මුදල් එක් කිරීමේ දූත මෙහෙවරක් පිණිස ගිය විදේශිකයන්
තිදෙනාගේ ඉල්ලීම පරිදි මැසවුසෙට් ජනපදයේ නගර නායකයින් විසින් සකස් කරනු ලැබූ පොත්
පිංච ලොව පළමු මහජන සම්බන්ධතා පත්‍රිකාව විය.
Martine
Tailor තව දුරටත් ප්‍රකාශ කළේ යුරෝපා රටවලද මහජන සම්බන්ධතා නිලධාරීන්ගේ ස්වරූපය
ගත් පුද්ගලයන් සිටි බවයි. 18 වන සියවසේ යුරෝපා රටවල කණ්ඩායම් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක්
හා සම්බන්ධ, පූජක පිරිසක් නොවූ “Publisist” නම් පිරිස මහජන සම්බන්ධතා ක්‍රියාවලියේදී
තරමක් දුරට සාර්ථක බව ඔහුගේ අදහසයි.
එංගලන්ත
රාජකීය පාලන සමයේ “Lord Chancellor” නම් අමාත්‍යවරයෙකු දැකිය හැකි වූ අතර ඔහු මහජන
සම්බන්ධතා නිලධාරියෙකුගේ භූමිකාව නිරූපණය කරන්නෙකු විය.
·
රාජ්‍ය පාලනය
සඳහා උපදේශකයෙකු ලෙස ක්‍රියාත්මක වීම.
·
පාලකයා සහ
පාලිතයා සම්බන්ධීකරණය
·
රාජ්‍ය හී
පැනනඟින නීතිමය ගැටළු නිරාකරණය
මොවුන්ට
පැවරුණු රාජකාරි වේ. මහජන සම්බන්ධතා ඉතිහාසය තුළ ස්ව භූමිකාව ප්‍රායෝගිකව නිරූපණය
කළ පුද්ගලයන් ලෙස ඔවුන් වැදගත් වේ.
වර්තමාන
මහජන සම්බන්ධතා ක්‍රියාවලිය සඳහා මූලික අඩිතාලම වැටෙන්නේ 19 වන සියවස ආරම්භයේ දීය.
ක්‍රමනුකූල සහ සංවිධානාත්මක මහජන සම්බන්ධතා ක්‍රියාවලියේ පුරෝගාමී රට වන්නේ
ඇමරිකාවයි. වෙනත් රටවලට සාපේක්ෂව ඇමරිකාව තුළ මහජන සම්බන්ධතා ක්‍රියාවලිය
වඩාත් වේගයෙන් ව්‍යාප්ත විය. ලොව රටවල් කාර්මීකරණය වීමත් සමඟින් මහජන සම්බන්ධතාවයට
වැඩි වැදගත් තැනක් ලැබිණි. එය බටහිර රටවලත් ව්‍යාප්ත විය.
කාර්මීකරණයත්
සමඟ දුම්රිය, වානේ සහ බොරතෙල් ආදී මහා පරිමාණ ව්‍යාපාර බිහිවිය. ලාභ පරමාර්ථ වලින්
පමණක් යුක්ත වූ එම ව්‍යාපාරයන් හී දූෂණ වංචා බහුල විය. කාර්මීකරණයත් සමඟින් මුද්‍රණ
කර්මාන්තයේත් වර්ධනයක් වූ අතර එම වංචා සහ දූෂණ පිළිබඳව පුවත්පත් හී පුවත් ප්‍රකාශයට
පත්වන්නට විය. එම ව්‍යාපාරික ආයතන වලට ඒවාට මුහුණ දීමට හැකි වූයේ නොවේ. එහෙයින්
පුවත්පත් කටයුතු සඳහා සන්නිවේදකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් මතු විය. එමෙන්ම මෙම
සන්නිවේදකයන් හරහා ස්ව භාණ්ඩ හා සේවාවන් හී අනන්‍යතාවයන් ප්‍රචලිත කිරීමත්, ජනතාව
දැනුවත්කිරීමත් සිදුකෙරීය.
මහජන
සම්බන්ධතා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස 1904 වසර හඳුන්වා දිය හැක. Ivy lee
නම් පුවත්පත්වේදියා ප්‍රථම වරට මහජන සම්බන්ධතා කාර්යාලයක් ආරම්භ කෙරුවේය. ඔහු
ප්‍රකාශ කරන පරිදි මහජන සම්බන්ධතා කාර්යාලයක් ඇරඹීමේ අරමුණ පහත වේ.
“Our
Plan is frankly and openly on behalf of business concerns and public institution
to supply to the press and public of the united states. Promote and accurate
information concerning sublects which
it is of value and interest to public to know about.”
“වෙළඳ
ව්‍යාපාර කටයුතු සහ පොදු ආයතන පිළිබඳ තොරතුරු එක්සත් රාජධානියෙහි මහජනතාව සහ
පුවත්පත් වෙත විවෘතව සහ අවංකව සැපයීම අපගේ සැලසුමයි. ජනතාවට දැනගැනීමට රුචිකත්වයක්
ඇති කරන පරිදි ඉහත විෂයන් පිළිබඳව නිවැරදි වැඩිදුර තොරතුරු ලබාදීම එහි ඇති
වටිනාකමයි.”
මහජන
සම්බන්ධතා ක්‍රියාවලියේ වැදගත්කම අවධාරණය කිරීම පිණිස සේව්‍ය සේවක පාර්ශවයන් හී
ඇතිවන ගැටුම් අධ්‍යනය කිරීම පිණිස මෙම මහජන සම්බන්ධතා ආයතනය ක්‍රියාත්මක විය. ඔහු
සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ සේවකයන් අතර ඇති වන ගැටළු අධ්‍යනයකොට ප්‍රායෝගික
විසඳුම් යෝජනා කරමින් සිය සේවය සපයන්නට විය.
·
1906
දී රට අඟුරු කර්මාන්ත ශාලාවක ඇති වූ අර්බුධය සම්බන්ධ අධ්‍යයනය.
ඔහු මේ සඳහා පිළියම් කොන්දේසි කිහිපයක් ඉදිරිපත්
කරන්නට විය.
1.
සියළු සාමාජිකයන්ට ආයතනයේ ඉහළ නිලධාරින් හමු වී සාකච්ඡා
කිරීමේ අයිතිය පැවතීම.
2. ආයතනය සම්බන්ධ යම් යම් කරුණු මහජනතාවට දැනගැනීමට අවශ්‍යය
අවස්ථාවල ඒ අයුරින්ම ජනතාවට ඉදිරිපත් කිරීමට අවශ්‍යය අවසරය පැවතීම.
3.
නිරන්තරයෙන් පුවත්පත් කතුවරුන්ට ආයතනයට අදාල ප්‍රතිපත්ති
ප්‍රකාශන ඉදිරිපත් කිරීම.
මෙම
සිද්ධිය ඇසුරෙන් අයිවි ලී විසින් අවධාරණය කළේ නිවැරදි තොරතුරු සම්පාදනය කිරීම මඟින්
ඇති කරවනු ලබන අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය ආයතනයක දිගු කාලීන යහපැවැත්ම පිණිස
හේතු වන බවයි.
· පෙනිසිල්වේනියාවේ දුම්රිය අනතුරක් සම්බන්ධව සැඟවුණු තොරතුරු හෙළි
කිරීම.
මෙම දුම්රිය අනතුරෙන් බොහෝ පිරිසක් පීඩාවට
පත්වූ අතර දුම්රිය සේවය පිලිබඳ මහජනතාව තුළ පැවති විශ්වාසය බිඳවැටිණි. එම
අවස්ථාවේදී Ivy lee පුවත්පත් මාධ්‍යවේදියෙක් සහ දුම්රිය නිලධාරියෙක් සමඟ සිද්ධිය වූ
ස්ථානයට ගොස් කළ සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස ජනතාවට සත්‍ය කරුණු අනාවරණය විය. මෙම
සාකච්ඡාවෙන් අනතුරුව වඩාත් සාර්ථකව සහ සැලසුම්සහගතව දුම්රිය සමාගමක් ක්‍රියාත්මක
වියයුතු ආකාරය පිළිබඳව ඔහු විසින් උපදෙස් දෙනු ලැබිය.
ඔහුගේ
මෙම සේවය නිසා නවීන මහජන සම්බන්ධතා ව්‍යාපාරයේ පියා වශයෙන් මහජන සම්බන්ධතා ක්‍රියාවලියේ
පුරෝගාමියා බවට Ivy lee පත් විය. ඔහුගේ ක්‍රියාදාමයෙන් “මහජන සම්බන්ධතා
නිලධාරියා යනු කවරෙක්ද, ඔහුගේ කාර්යභාරය සහ ක්‍රියා පටිපාටිය පිළිබඳ අවබෝධය
ලබා ගැනීමට හැකිවිය. ඒ අනුව මහජන සම්බන්ධතා ක්‍රියාවලිය ඒ අයුරින්ම ක්‍රියාත්මක
වීම ඇරඹුණේ 20 වන සියවසේ දීය. මුල් කාලීනව මහජන සම්බන්ධතා නිලධාරීන් පුවත්පත්
නියෝජිතයින් ලෙස සේවය කළ අතර අයිවි ලීගේ ක්‍රියාකාරිත්වයත් සමඟින් සැබෑ මහජන
සම්බන්ධතා නිලධාරීන් සහ ඔවුන්ගේ කාර්යයභාරය ලොවටම ප්‍රදර්ශය වූ බව කිව හැක.
ප්‍රථම
ලෝක සංග්‍රාමයත් සමඟම මහජන සම්බන්ධතා හා උපදේශනාත්මක සේවා වෙළඳ ව්‍යාපාරික,
කර්මාන්ත, රාජ්‍ය ආයතන, දේශපාලන ආයතන, ආගමික සංවිධාන, රාජ්‍ය නොවන ආයතන, කම්කරු
සංවිධාන, වෘත්තීය සමිති ආදී සෑම ක්ෂේත්‍රයක් පුරාම ක්‍රියාවට නැංවිණි. එය වෘත්තීමය
ක්‍රියාවලියක් ලෙස වර්ධනය විය. මහජන සම්බන්ධතාව සංවර්ධනය වීම කෙරෙහි “John D.
Rokefellar - ජෝන් ඩි. රොක්ෆෙලර්” සහ “J.P Morgan - ජේ.පී මෝර්ගන්” ආදීන්ගේ
දායකත්වයත් ලැබිණි.
Ivy lee
ගෙන් පසුව මහජන සම්බන්ධතාව සඳහා ප්‍රමුඛ මැදිහත්වීමක් සිදුකළේ “Edward L.
Bernays -එඩ්වඩ් එල්. බර්නිස්” ය. Ivylee හඳුන්වාදුන් මහජන සම්බන්ධතා විධික්‍රම
න්‍යායාත්මකව වර්ධනය කළේ බර්නිස් විසිනි.
බර්නිස්ට
අනුව මහජන සම්බන්ධතාව යුග 4කට බෙදා දැක්වේ.
1. 1990 -
1914 දක්වා සුදුහුණු පිරියම් කිරීමේ යුගය (දුර්මත පහ කිරීම පිණිස)
2. 1914 -
1919 දක්වා ලෝක සංග්‍රාම අවධිය
3. 1919
- 1929 දක්වා පූර්ව ක්‍රියාමාර්ග ක්‍රමිකව
ඉදිරියට ගෙනයන යුගය
4. 1929
පෞද්ගලික සහ පොදු වගකීම් වලින් මහජන සබඳතා සඳහා යන ගමනේ ආරම්භක යුගය.
1952 වසරේ Edward
L. Bernays විසින් රචනා කරන ලද “Public Relations” කෘතිය මහජන
සම්බන්ධතා ක්‍රියාවලියට සුවිශේෂී අවධානයක් යොමුකරන්නට විය. මහජන සම්බන්ධතා ක්‍රියාවලියේ ප්‍රභවය, වර්ධනය සහ සමාජය තුළ ක්‍රියාත්මක ස්වරුපය පිළිබඳ තොරතුරු අන්තර්ගත කරමින් 1952 වසරේදී රචනා කළ “Public Relations” නම් මෙම කෘතිය මහජන සම්බන්ධතා විෂයක් ලෙස සංවර්ධනය වීමේදී දැකිය හැකි සන්ධිස්ථානයකි. ඊට ප්‍රථම කෘති කිහිපයක් රචනා වී තිබුණද සෘජුව මහජන සම්බන්ධතා පිළිබඳ තොරතුරු අන්තර්ගත වී නොමැත.
1948
වසරේදී ලන්ඩන් මහජන සම්බන්ධතා ආයතනය බිහිවීම මහජන සම්බන්ධතා ඉතිහාසය සලකා
බැලීමේදී වැදගත් සාධකයකි. 50 දශකය වන විට මහජන සම්බන්ධතාව පුළුල් වෘත්තීය
සම්බන්ධතා ව්‍යාපාරයක් බවට පත්වූ අතර 1955 වන විට අන්තර්ජාතික මහජන
සම්බන්ධතා ආයතනය ආරම්භ විය. 1958 දී බ්‍රසීලයේ ප්‍රථම මහජන
සම්බන්ධතා කොන්ග්‍රසය බිහිවිය.
60
දශකය වන විට මෙය ලොව පුරා ව්‍යාප්ත වූ අතර මාධ්‍ය සහ තොරතුරු තාක්ෂණයේ දියුණුව ඒ
සඳහා ප්‍රමුඛ විය. වර්තමානය වනවිට ලොව පැවැත්ම, ක්‍රියාකාරිත්වය සහ සමතුලිතභාවය
ආරක්ෂා කරගැනීම පිණිස භාවිතයට ගැනෙන අවිය වන්නේ මහජන සබඳතාවයයි. වර්තමානය වනවිට
මහජන සම්බන්ධතා විෂය ප්‍රායෝගිකව හැදෑරීම පිණිස විශ්වවිද්‍යාල මට්ටමින් සහ උසස්
අධ්‍යාපන මට්ටමින් පහසුකම් සලසා දෙමින් පවතී.
ලංකාවෙත්
1973 දී ප්‍රථම වරට දෙහිවල කණිෂ්ඨ කාර්මික විද්‍යාලයේ මහජන සම්බන්ධතා විෂය අධ්‍යයනයට
පහසුකම් සලස්වා දුන් අතර 2016 වැනි මෑත කාලයකදී කැලණිය විශ්වවිද්‍යාලය මඟින් ප්‍රථම
වරට ලංකාවේ මහජන සම්බන්ධතාව පිළිබඳ උපාධියක් හැදෑරීමට අවකාශය සලසා දී තිබේ.
මුලාශ්‍ර
තිලකරත්න
මාපා, මහජන සම්බන්ධතා ප්‍රභවය, ව්‍යාප්තිය හා භාවිතය, රත්න ප්‍රකාශකයෝ
තිවංකා
දයානන්ද
No comments:
Post a Comment