“රැස්
විහිදෙන සමනලියකගෙන්” ගීතය තුළින් නිරූපිත ජනප්‍රිය සංස්කෘතිය
“රැස් විහිදෙන සමනලියකගෙන් ඉඟියක් ලැබුනාම..
රැකගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම..
සියැසින් දුටු සිහිනයකින් රහසක් ගෙන එන්නම්..
හැබැහින් විඳගන්න..
රහසින් ගෑ මුදු සුවඳින් හුස්මක් පුරවන්නම්
ළමැදේ බිහි වන්න..
සුසුමින් හුන්මිටි තබමින් තනියෙන් ඉන්නවනම්
ඉන්නම් දුක ගන්න..
ගලනා දා බිඳු පිසිමින් වත්සුණු තවරන්නම්
ඉරණම පෙරලන්න..”
BnS
කණ්ඩායම 2007 වසරේදී නිර්මාණය කළ ගීතයක් වන මෙම ගීතය එම වසරේ ආදරවන්තයින්ගේ දිනය
නිමිති කොටගෙන එළිදැක්විය. භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්ගේ එතෙක් බිහිව තිබූ ගීත
වලට සාපේක්ෂව සංකල්පීයමය සහ තාක්ෂණිකමය වශයෙන් වෙනස්කම් දැක්වූ ගීතයක් ලෙස දැක්විය
හැක.
2007
වසරේ ශ්‍රී ලාංකීය ගීත කලාව තුළ නව මානයක් සනිටුහන් කළ මෙම ගීතය තුලින් ජනප්‍රිය
සංස්කෘතික ලක්ෂණ බොහොමයක් සමාජගත කිරීමට සමත්විය. එමෙන්ම මෙම ගීතයේ අන්තර්ගතය පරික්ෂා
කිරීමේදී පැහැදිලි වන්නේ ඒ තුළ ජනප්‍රිය සංස්කෘතිමය ලක්ෂණ බොහොමයක් නිරූපණය වන
බවයි. ගීතයේ පද අරුත් සමඟ සැසඳීමේදී අපූරු රූප රචනාමය උපක්‍රමයක් අනුගමනය කොට
තිබේ.
තේමාව
අභාවකාශයේ
වෙනත් ග්‍රහ ලෝකයක සිට පෘථිවියට දෙදෙනෙකු පැමිණේ. තමන්ගෙන් උදව් ලැබිය යුතු
පුද්ගලයා කව්රුන්ද යනවග ඔවුන් දෙදෙනා නිරීක්ෂණය කරයි. එහිදී ඔවුන්ට දර්ශනය වන්නේ
කිසිවෙකුගේ ආදරයක් හෝ පිළිගැනීමකින් තොරවූ තරුණයෙකුයි. ඔහුව තෝරාගත් පිටසක්වල
ජීවින් දෙදෙනා තරුණයාගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කොට ඔහුව ආකර්ශනීය පුද්ගලයෙකු
බවට පත් කරයි. ඔහුට ඔහුගේ සිහිනයන්හි හිඳින තරුණිය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබේ.
මෙම
ගීතයේ රූප රචනය තුලින් නිරූපිත ජනප්‍රිය සංස්කෘතිය විස්තර කිරීමේ පහසුව පිණිස මෙය
ජනප්‍රිය සංස්කෘතිකමය ලක්ෂණ ප්රවේශයන් ත්‍රිත්වයක් යටතේ විස්තර කළ හැක.
- සමාජ විද්‍යාත්මක ප්‍රවේශය
- මනෝ විද්‍යාත්මක ප්‍රවේශය
- තාක්ෂණිකමය ප්‍රවේශය ලෙසිනි.
සමාජ
විද්‍යාත්මක ප්‍රවේශය
සමාජ
විද්‍යාව තුළ නිරන්තරයෙන් සාකච්ඡාවට ගැනෙන ප්‍රධානතම සංකල්පය වන සංස්කෘතිය තුළ
දැකිය හැකි සාධක කිහිපයක් මෙම සංගීත රූප රචනය ඔස්සේ ග්රාහක ගතකිරීම සිදුකොට තිබේ.
සංස්කෘතය යනුවෙන් අර්ථ ගැන්වෙන සංකල්ප බොහොමයකි. අදහස්, සංකල්ප, නීතිය, සදාචාරය,
හුරුපුරුදු, ඉගෙනුම් රටා, විශ්වාසයන් ආදී කී නොකී බොහෝ සාධක සංස්කෘතිය තුළ
අන්තර්ගත වේ.
මල්සරා
නම් සංකල්පය සිංහල සංස්කෘතිය තුළ සාකච්ඡාවට ගැනෙන්නකි. මල්සර හීසැරින් පහර කෑවෙකු
ආලයෙන් මත්වන බව පිළිගැනීමයි. මෙහි කතා නායකයා වන තරුණයා හට මල්සරා මල් දුන්නෙන්
විදියි. නමුත් ඔහුට එය නිසි පරිදි භාවිතයට
ගත නොහැක. ඔහු අවාසනාවන්තයෙකි. සාමාජිය ජීවිතයක් ගත කරන සංස්කෘතික මානවයා එකී
සමාජයේ ගති ලක්ෂණ වලට අනුගතය.
සමාජය
තුළ විවිධ නිරූපණයන් වේ. මහා මාර්ගය තුළ රථ වාහන එහා මෙහා ගමන් කිරීමය සුලභය. ප්‍රවාහනය
පිණිස පෞද්ගලික ප්‍රවාහන විධික්රම මෙන්ම බසය, දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවයන්ද
වේ. සමාජය තුළ දැකිය හැකි පන්ති පරතරක් සහිතය. ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන්නන්
බොහෝවිට පෞද්ගලික මෝටර්රථ භාවිතා කරයි. පහල සමාජ පන්තියක් නිරූපණය කරන්නන්
නිරන්තරයෙන් පයින් ගමන් කරයි. නැතහොත් සෑම විටම පොදු ප්‍රවාහන සේවා භාවිතා කරයි.
පෞද්ගලික වාහන භාවිතා කරන්නන්ට පදික වේදිකාව මතින් ගමන් ගන්නා සාමාන්‍ය මිනිසුන්
පිළිබඳ සංවේදීතාවයක් නොමැත. තරුණිය ගමන් ගන්නේ රතු පැහැ මෝටර් රථයකිනි. ඇය නිරූපණය
කරන්නේ සමාජය තුළ මෝටර් රථයක් ලබාගැනීම කෙරෙහි මිනිසා මෙහෙයවනු ලබන පෙළඹවීමයි.
පාසලක්
තුළ ගුරුවරුන් සිසුන්ට දඬුවම් දීම පාසල් සංස්කෘතිය තුළ සාමාන්‍යයෙන් දැකිය හැක. ඒ
අවස්ථාවේ දී දණ්ඩනයට ලක්වන්නා බොහෝ අපහසුතාවයට පත්වන්නේ අනෙක් මිතුරන් බොහෝ විට ඒ
දෙස බලාහිඳිනා බැවිනි. නිවසක් තුළ කුඩා දරුවන් සහ මා පියන් එක්ව වාසය කිරීමේදී යම්
යම් ගැටළු ඇතිවීම සාමාන්‍යය ය. එහිදීත් බොහෝවිට දරුවන් දණ්ඩනයට ලක් වේ. ගුරු සිසු
සබඳතාවය සහ මා පිය සබඳතාවය තුළ යම් යම් සිදුවීම් මෙම රූප රචනය තුළ දක්වා තිබේ.
උද්‍යාන
තුළ විවිධ සතුන් මත හිඳගෙන යෑම විනෝදාස්වාදය පිණිස භාවිත ක්රමවේදයකි. එකී
විනෝදාස්වාදන ක්‍රමවේදයන් පිළිබඳ මෙහි අන්තර්ගතය.
සංස්කෘතිය
තුළ පවතින තවත් අංගයක් ලෙස විශ්වාස පද්ධතීන් හඳුන්වාදිය හැකිය. නුග ගස් වැනි විශාල
ගස් ඇසුරුකොට ඒවාට අරක්ගෙන දේවතාවන් වැඩහිඳිනා බව සම්ප්‍රදායික විශ්වාසයයි. එම
විශ්වාසයන් මෙම රූප රචනය තුළ දක්වා තිබේ.
සංස්කෘතියේ
අන්තර්ගතයන් අතර සිරිත් විරිත් වැදගත් වේ. කෙසෙල් කෑමෙන් අනතුරුව නිවැරදි ස්ථානයකට
එහි ලෙලි බැහැර කිරීම විරිතකි. එම විරිත අවභාවිතය මෙම රූප රචනයේ නිරූපිතය. තරුණයා
තරුණියට ලංකරවීම පිණිස කෙසෙල් ලෙල්ල උපාය මාර්ගයක් කොටගන්නේ එය පෑගී ඔහුගේ පය ලිස්සා තරුණිය වෙතට ඇද වැටීම
පිණිසයි. නමුත් සිදුවන්නේ අනෙකෙකි. තරුණයා ඇද වැටෙන්නේ එළිමහන් විවේක ස්ථානයේ රැඳී
අයිස්ක්‍රීම් කෑම පිණිස සැරසෙන තවත් තරුණයෙකු වෙතටයි. එහිදී තමාට වූ අකරතැබ්බයෙන්
කෝප ගැන්වෙන අනෙක් තරුණයා කතා නායකයාට පහරදෙන ආකාරය නිරූපිතය. සමාජය තුළ සිදුවන
ගැටුම් මෙම රූප රචනය තුළ දක්වා තිබේ.
ස්ත්‍රී
සහ පුරුෂ යන ලිංගිකමය විභේදනය පදනම් කොටගෙන සංස්කෘතිය විසින් ස්ත්‍රිය සහ පුරුෂයා
තුළ ඒකකෘතියක් නිර්මාණය කරයි. ජනප්‍රිය සංස්කෘතිය හරහා සිදුවන්නේත් එකී සමාජමය පිළිගනිම
තව දුරටත් තහවුරු කිරීමකි. එහිදී ස්ත්‍රිය ලදබොළඳ මෙන්ම, පුරුෂයාගේ ලිංගික තෘප්තිය
පිණිස හිඳිනා චරිතයක් සේ සලකා කටයුතු කරයි. ඇගේ නිරුවත මාධ්‍ය තුළ ලිංගිකත්වය
නිරූපණය කිරීම පිණිස සියුම්ව භාවිතයට ගනියි. මෙම ගීතය හරහා තරුණියගේ නිරුවත් ශරීරය
අර්ධ වශයෙන් නිරූපණය කිරීමට සමත්ය. ආදරවන්තිය වෙත රෝසමල් තෑගී දීමේ ජනප්‍රිය
සංස්කෘතිකමය ලක්ෂනයත් මේ හරහා නිරූපිතය.
සමාජය
තුළ ක්‍රියාත්මක වන සංසිද්ධීන් මෙම ගීතය හරහා හාවිතයට ගෙන තිබේ. මෙම ගීතය ජනප්‍රිය
සංස්කෘතිය පෝෂණය කරන්නේ එම සමාජීය ලක්ෂණ ඇසුරෙහිය.
මනෝවිද්‍යාත්මක
ප්‍රවේශය
ශ්‍රී
ලාංකීය ගීත කලාවේ නව යුගයක් බිහිකළ “රැස් විහිදෙන සමනලියකගෙන්” ගීතයේ ජනප්‍රිය
සංස්කෘතිකමය ලක්ෂණ නිරීක්ෂණය කිරීමේදී මනෝවිද්‍යා ප්‍රවේශයක් ද මේ තුළ ගැබ්ව ඇති
බව පෙනේ. මෙම ගීතයේ රූප රචනාව තුළ මායාව නොහොත් පුද්ගල මනෝභාවය තුළ පවතින යතාර්ථමය
නොවන සිහිනයන් දක්වනු ලැබේ. තමන් පතන පෙම්වතිය ඔහු ඉදිරියේ සිටියදී ඔහුගේ මනස තුළ
ක්‍රියාත්මක වන්නේ ඇය සමඟ එකට ගතකරනා කාලය පිලිබඳව වන සිතුවිලිය.
මෙම
රූප රචනය තුලින් ග්රාහක මනස තුළ සංජානනයක් ඇති කිරීමට සමත්ය. පිටසක්වලක සිට
පැමිණෙන පිරිස් පිළිබඳව පුද්ගල මනසේ ඇති කුතුහලය සඳහා රූපමය සත්කාරයක් ග්රාහකයා
වෙත ගෙනඒමට ඔවුන් සමත් වේ. එමෙන්ම ග්රාහකයා තුළ පවතින ලිංගිකමය පෙළඹවීම ඇති
කිරීමට වන ආකාරයෙන් කාන්තා ශරීරය නිරූපණය කොට තිබේ. ජනප්‍රිය සංස්කෘතිය
මෙහෙයවෙන්නේ ඒ ඔස්සේයි.
ඉපැරණි
ග්‍රීක සාහිත්‍යය තුළ වන දේව සංකල්පයන්හී දේව සභාවන් පිළිබඳ කෙරෙන විස්තර කිරීම්
පදනම් කොටගෙන එකී පරිකල්පනය ඔස්සේ නිර්මාණය කරන ලද දේව සභාවක් මෙම ගීතය හරහා
නිරූපණය වේ.
තාක්ෂණිකමය
ප්‍රවේශය
“රැස්
විහිදෙන සමනලියක්” ගීතය ජනප්‍රිය සංස්කෘතිය තුළ සලකුණක් බවට පත්වීම පිණිස එහි
තාක්ෂණික ප්‍රයෝග මනා පිටුවහලක් වේ. මෙම ගීතය නිකුත් කළ 2007 වර්ෂයේදී ශ්‍රී ලංකාව
තුළ තිබුණු අනෙකුත් ගීත වලට සාපේක්ෂව මෙම ගීතය තුළ තාක්ෂණික භාවිතයන් දැකිය හැකි
වීමම මෙය ජනප්‍රිය සංස්කෘතිය තුළ ඉහළින් සටහන් වීමට හේතු විය. ලංකාවට ඉහළින්
සිටින්නෙකුට රට නිරීක්ෂණය වන ආකාරය පෙන්වීම පිනිස, සෞරග්‍රහ මණ්ඩලය දැක්වීම පිණිස,
පිටසක්වල ජීවින් දෙදෙනා ස්ථානගත කිරීම පිණිස, මල්සර හීය ඔහුවෙත එන ආකාරය නිරූපණය.
දෛවය වෙනස් වන බව ඔහුට නව උදව් කරුවන් දෙදෙනා ප්‍රකාශ කරන ආකාරය නිරූපණය පිණිස, රෝස
මල් යාය නිරූපණය පිණිස විශේෂ තාක්ෂණික උපක්‍රම භාවිතයට ගෙන තිබේ.
රංග
වස්ත්රාභරණ මඟින් ලබා දී ඇති අරුත්ද තාක්ෂනය ඔස්සේ විස්තර කල හැක. පිටසක්වලින්
පැමිණි උදව් කරුවන් පෘථිවි ජීවීන්ට වඩා බොහෝ වෙනස් නොවේ. ඔවුගේ වස්ත්‍ර යොරෝපීය
යි. තරුණයා මුල් දිනවල සිටින්නේ එතරම් ආකර්ශනීය ස්වරූපයකින් නොවේ. නමුත් ඔහුගේ
ජීවිතය වෙනස් වීමෙන් පසුව ඔහු යුරෝපිය ඇඳුමින් සැරසී පෙම්වතිය ඉදිරියට පැමිණේ.
කාලයේ වෙනස නිරූපණය කිරීම පිණිසත් මෙම වස්ත්රාභරණ උපයෝගී වේ. තවත් අවස්ථාවක කාලයේ
ගතවීම නිරූපණය පිණිස භාවිතා කළ ක්‍රමය වූයේ දිනය ගතවීම හිරුගේ බැසයෑම තුළ නිරූපණය
කිරීම තුළිනි.
නවීන
තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයට ගනිමින් ඉදිරිපත් වී ඇති මෙම ගීතය ජනප්‍රිය
සංස්කෘතිය පෝෂණය කිරීම පිණිසත්, තරුණයන් තුළ පවතින මායාකාරී සිහිනයන් පිළිබඳවත් ග්රාහකයාට
පණිවිඩයක් සැපයීමට සමත් වූ ලාංකීය ගීත කලාව තුළ නව මානයක් සටහන් කළ ගීතයක් ලෙස
නම්කළ හැක.
තිවංකා දයානන්ද
No comments:
Post a Comment