Friday, 12 April 2019

දරුවන් තැනීම සහ දරුවන් මැරීම


දරුවන් තැනීම සහ දරුවන් මැරීම 


ස්වභාව ධර්මයේ අපූර්වතම නිමැවුම් වලින් එකක් ලෙස බිහිවන්නා වූ මිනිසා උපතේදී ස්වභාවික සත්ත්වයෙකි. මව පියා සහ පවුලේ සෙසු නෑ මිතුරු සමාජය හමුවේ එකී ස්වභාවික සත්ත්වයා සමාජීය සත්ත්වයෙකු බවට පරිවර්තනය වීම සිදුවේ. ලොවක් සුවඳ කරමින් අද දින උපන් දරුවෙකු අනාගතයේ මහා වෘක්ෂයක් බවට පත් වේ. එකී වෘක්ෂය ශක්තිමත් වීමට නම්, හොඳින් නිසි කල්හි ඵල දැරීමට නම්, එයට සියල් අඩු වැඩිය සපුරාලිය යුතුමය.

මාපිය තුරුලේ උණුසුම්ව වැඩෙන බිළිඳුන් මුල් වරට එම උණුහුමින් මදක් මිදෙන්නේ ශිල්ප ඇහිඳින්නට පටන්ගත් දා සිටය. සමාජීය සත්ත්වයෙකු ලෙස මුලින්ම දරුවන් සමජගත වන පරිසරය වන්නේ පෙර පාසලයි. දෙවසරක පෙර පාසල් සමය අහවරව පියමනින පාසලත් දරුවෙකුට සොඳුරු නවාතැනක් විය යුතුමය. මන්ද සමාජානුයෝජන කාරක අතුරෙහි ප්‍රබල ස්ථානයක් වන මෙමඟින් යහපත් දරුවෙකු තැනීමට මෙන්ම අහිංසක දරුවෙකු වැනසීමටද එක සේ හැකියාව සහිත බැවිනි.





කුඩා කල මාපියන් දරුවන්ට කියා දෙන්නේ “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යනුවෙනි. දරුවන් දිනෙන් දින වැඩෙන්නේ, ඉක්මනට ලොකු වන්නට සිතන්නේ අන් යමක් ගැන සිහින මවමින් නොව. පාසල පිළිබඳව සොඳුරු සිහින කන්දකුත් සමඟිනි. මා පිය කතා ගොන්නේ ඇති සොඳුරු බිම, පාසල නම් වූ අපුර්ව නවාතැන දරුවන් දරුවන් සිය මනසින් නිරන්තරයෙන් සිතුවම් කරයි. හයක් හතරක් නොදත් දරුවන් අනාගත ලොවට වැඩදායී මෙන්ම දැනුමෙන් හා ආකල්පයන්ගෙන් සංවර්ධිත විශ්වීය දරුවෙකු ලෙස තැනීමේ භාරධුර කාර්යය විදුහල්පති ප්‍රමුඛ ගුරුවරුන්ගේ එකම වගකීමයි.


Wednesday, 10 April 2019

නූතන මිනිසා සොයා යන ගවේෂණාත්මක රංගනය


නූතන මිනිසා සොයා යන ගවේෂණාත්මක රංගනය

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ මහා සිහිනය “මහාසුපින”




මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙන් පසුව ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් නාට්‍ය කලාවේ නූතන හැරවුම් ලක්ෂය සනිටුහන් කළේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ය. ඒ එතුමන්ගේ ප්‍රථම වේදිකා නාට්‍ය වූ “මහසමයම” හරහායි. අන්තර් සංස්කෘතික නිර්මාණ ප්‍රවේශයක් ඔස්සේ දිගහැරුණු මහසමයම දීර්ඝකාලීන පර්යේෂණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. වසර හතරක නිහැඬියාවකින් පසුව ඇතුගලයන් නැවත වරක් ශ්‍රී ලාංකීය වේදිකාවට නව අත්දැකීමක් මුදාහරින්නේ සම්මත නාට්‍ය ආකෘතිය පුපුරුවා හරිමිනි. ඒ එතුමන්ගේ දෙවන වේදිකාගමනය “මහා සුපින” හරහායි. මේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් සියපතට එතුමාගේ අදහස් දැක්වූ ආකාරයයි.




Thursday, 20 September 2018

කසළ අකුසලයට යටපත් නොවන්නට


කසළ අකුසලයට යටපත් නොවන්නට







සංවර්ධනය යනුවෙන් බරසාර වාද විවාද රැසකි. ඇතැමුන් සිතන්නේ සංවර්ධනය යනු සුවිශාල ගොඩනැගිලිමහා මාර්ග විශාල පාලම් ආදී වූ භෞතිකත්වයකි. නමුත් අත්‍යාවශ්‍යයෙන්ම ප්‍රකාශ කළ යුත්තේ සංවර්ධනය භෞතිකව මෙන්ම ආකල්පයන්ගේද සමාන්තරව සිදුවියයුතු බවයි.

ශ්‍රී ලංකාව වැනි රටක් තුළ බොහෝ දෑ මහා විශාල ගැටළුන්ය. නමුත් අප විසඳුම් කරා යා යුත්තේ සරල බැවින් සංකිර්ණත්වය කරාය. 2017 වසරේ අලුත් අවුරුදු සිරිය වසා ගත්තේ කුණු කන්දකි. නමුත් දැන් අප සියල්ලන්ටම එය අමතකය. යන්තමින් හෝ මතකයක් වුවද කතා කිරීමට ඊටත් එහා බරසාර මාතෘකා රැසකි. මා යෝජනා කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වෙනසක් පිළිබඳවය.

Saturday, 3 March 2018

ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ.. වෙනස් වෙන්නේ මිනිස්සු..

ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ..
වෙනස් වෙන්නේ මිනිස්සු..


අද මම කියන්න යන්නේ  ටිකක් අමුතු විදියේ කතාවක්. මේ ලෝකයේ ආදරය කියන්නේ  මොකක්ද කියලා හරියට හඳුනගන්න උත්සහ දරන බොහොමයක් දෙනෙක් තමන්ගේ  ජිවිතය තුළ යථාර්තයක් කරගන්න දෙයක්..

කොයි වෙලාවේ කා ගැන, කොහොම ආදරයක් ඇති වෙනවද කියන එක සම්බන්ධයෙන් නම්  පූර්ව නිගමන දෙන්න අමාරුයි. මෙතන  මම ස්ත්‍රියක් හා පුරුෂයෙක්  අතර ඇති වන බැඳීම සිමාකාරී සාධකය විදියට ගන්නවා. සමහරවිට ඔයා බොහොම  අවංකව එයාට ආදරය කළත් එයා ඒක දැනගෙන හිටියා උනත් එයා ඔයාට නිසි ගෞරවය දීලා නැති වෙන්න පුළුවන්. ඒ සමහරවිට අවංකවම අසරණකමට වෙන්න පුළුවන්.. එහෙමත් නැත්නම්  ඔයා ගැන එයාට කිසිම වටිනාකමක්, හැඟීමක් නැති නිසා වෙන්නත් පුළුවන්.

Tuesday, 9 May 2017




    හඳ හැංගිලා ගිය ඝන රුදුරු අඳුරේ..
    ලොව එළිය කල පුංචි තරුවේ..
    පෑයු දා හඳ අහස් තලයේ..
    නුඹට ගැරහුම් එයයි ලොව අරුමේ..


    -කඩුවී-